මොකක්ද මේ Power Delivery (PD) චාජරයක් කියන්නෙ?
සරලව Power Delivery (PD) කියන්නෙ fast charging technology එකක්.
USB technology සඳහා ප්‍රමිතීන් සකසන ආයතනයක් වන USB Implementers Forum (USB-IF) සහ අනුබද්ධ ආයතන වල සහයෝගී ප්‍රයත්නයන් විදියිට තමයි Power Delivery (PD) fast charging technology අපි අතරට එන්නෙ.
ඒ උනාට,මේ technology එක මේ තරමට වැඩි දියුනු වීමේ වැඩි ගෞරවය අපි කවුරුත් දන්න ඇපල් සමාගමට හිමිවෙනව කියල තමයි කියන්නෙ.
කොහොම උනත්,PD Charger වල තියෙන විශේෂත්වය වෙන්නේ charging process එකේදි වෝල්ටීයතාව(V) සහ ධාරාව(A) dynamically change කරගනිමින් අවශ්‍ය power supply එක ලබා දෙන්න PD charger වලට හැකියාව තියෙනවා.
ඒ කියන්නෙ device එකෙ battery level එක සහ temperature වැනි සාධක මත පදනම්ව අවශ්‍ය පරිදි power supply එක වැඩි කිරීමට හෝ අඩු කර කරගන්න මේ charger වලට පුලුවන්.
මේක සිද්ද වෙන්නෙ, මේ PD Charger එක සහ ඔයාගෙ device අතර ඇතිකරගන්න interconnection එක මගින් මේ charger එකට පුලුවන් වෙලා තියෙනවා එයාගෙ power output එක charge කරන device එකට අවශ්‍ය පරිදි වෙනස්කරගනිමින් සපයන්න.
ඇත්තටම power delivery feature එක තියෙන charger එකකට smart charger එකක් කිව්වොත් වඩා නිවැරැදි.
මේ නිසා Power Delivery (PD) support කරන charger එකකින්, සාමාන්‍ය charger එකකට වඩා නිවැරදි හා කාර්යක්ෂමව power එක ලබා දිය හැකියි.මේ නිසා ඔයාග device එකෙ charging process එක වඩාත් කාර්යක්ෂමව සිදු කරල ඔයාගෙ device එක ඉක්මනින් charge කරන්න පුලුවන්.
සාමාන්‍ය power adopter එකකට වඩා 4 ගුණයකට ආසන්න charging speed එකක් මේ PD power adapter එකකින් ලබා ගන්න පුලුවන්.
මේ නිසා මේවගෙ මිලත් සාමන්‍ය power adapter එකකට වඩා වැඩී.
Power Delivery (PD) Version 3 මගින් උපරිම වශයෙන් 100W බලයක් ලබාගත හැකි උනත් 2021 දි එලිදක්වන ලද නවතම Power Delivery (PD) Version 3.1 මගින් 240W බලයක් උපරිම වශයෙන් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා.
ඇපල් සමාගම විසින් නිකුත් කරන ලද iPhone 8 මාදිලි සහ ඊට පසු නිකුත් කරන ලද මාදිලි සියල්ලටම ඔවුන් මේ fast charging capability එක,එහෙම නැත්තන් PD support charging technology එක දීල තියෙනව.
නමුත්,fast charging adaptor එක නම් ලබා දුන්නෙ නෑ. ඒ නිසා ඔයාට හොද third party brand එකකින් එන, PD support charger එකකින් ඔයාගෙ iPhone එක fast charge කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.
Power Adapters -https://techeaven.lk/collections/power-adopter
ඔයාගෙ device එක, iPhone 12 සහ ඊට වැඩි මාදිලියක එකක් නම් ඔයාට 20W හෝ ඊට වැඩි power adapter එකක් භාවිිතා කරන්න වෙනවා ඔයාගෙ device එක fast charge කරගන්න.
ඇපල් සමාගම කියන විදියට විනාඩි 30 ඇතුලත iPhone එක 50% ක් charge කරගන්නත් පුලුවන්.(මේක ඔයා ඉන්න පරිසර තත්ව වලට අනුකූලව වෙනස් වෙන්න පුලුවන්)
ඒ වගේම,PD charger වල ඇතුලත් කරල තියෙන safety mechanisms එකෙන් charging process දිගටම monitor කරන නිසා, over-charging , overcurrent සහ overheating වැනි තත්ත්වයන් ඇති උනොත්, ඒක PD charger ඇති smart chip එකෙන් detect කරගෙන ඊට අදාලව ලබා දෙන power supply එක අඩු කිරීමට හෝ නවතා දැමීමට හැකිවන විදියට තමයි නිශපාදනය කරල තියෙන්නෙ.
ඒ නිසා PD charger එකක් use කරන එකෙන් මේ වගේ වාසි ගොඩාක් ලබාගන්න පුලුවන්.
මීට අමතරව,Snapdragon chipset නිශ්පාදන කරන Qualcomm සමාගම ඔවුන්ගෙ Snapdragon chipset භවිතා වෙන mobile phone වලට “Qualcomm Quick Charge -QC” නම් ඔවුන්ටම අනන්‍ය වූ fast charging technology එකක් භ්විත කරනවා.මෙය බොහො වශයෙන් android device වල දැක ගන්න පුලුවන්.
ඒ වගේම, electronics manufacture කෙනෙක් වෙන අපි හැමෝටම අහල පුරුදු anker සමාගම(කිරිපිටි නෙවෙයි🤭) ඔවුන් විසින් develop කරන “PIQ එහෙම නැතිනම් power IQ” නම් fast charging technology එකක් භ්විත කරනවා.ඔවුන්ගෙ නවතම Power IQ 3.0 සහ Power IQ 4.0 යන chargers QC 3.0 සහ PD 3.0 යන fast charging protocol සහිත device වලටද සහය දක්වනවා.
Power IQ 4.0: Compatible with QC 3.0 + PD 3.0
මේ වගේ විවිධ සමාගම් ඔවුන් විසින්ම develop කරල තියෙන fast charging technologies එකතු කරමින් fast charging ලොකයේ පෙරමුණ ගන්න තමයි උත්සාහ කරන්නේ.
එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.