Screen Protectors වල සදහන් වෙන 9H එහෙම නැත්තන් (9H Scratch Proof) යනුවෙන් සදහන් වෙන්නේ මොකක්ද?
ඔබ ඕනෑ තරම් දැකල ඇති මේ Screen Protector Packages වල සදහන් කරල තියෙනව 9H Scratch Proof කියල,බොහොදෙනා Screen Protectors use කලත් මේ සම්බන්දයෙන් පවතින අවබෝධය අඩුයි.
ඊට කලින් දැනගමු මොකක්ද මේ Friedrich Mohs Scale කියන්නේ කියල. (ඉස්සරහට වැදගත් වෙයි)
මෙහි දෘඩතාව වැඩිම අංක 10 වන අතර එය දියමන්ති වේ.
වීදුරු වලට හිමිවෙන්නේ අංක 5 හෝ ඒ ආසන්න අගයක්.
යකඩ ඇණයක් 6.5 වැනි ආසන්න අගයක්.
මිනිස් නියපොතු 2.5 වැනි ආසන්න අගයක්.
**දෘඪතාවය වැඩි වෙන තරමට එය මතුපිට පෘෂ්ඨය සීරිමකට ලක්වෙන හැකියාව අඩුවේ.**
දැන් ඔබට සරල අදසක් මේ සම්බන්දයෙන් ඇති ඇතිකරගන්න පුලුවන්.
දැන් බලමු Screen Protector Packages වල එයාල සදන් කරල තියෙන මේ 9H Scratch Proof යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියල.
මෙතනදි 9H යනුවෙන් සදහන් උනාම බොහෝ දෙනාට හැගෙන්නේ, Friedrich Mohs Scale එකේ 9 වැනි ස්ථානයේ ඇති Material එකක තරම් දෘඪතාවක්, ශක්තියක් මේ Screen Protector එකෙන් ලැබෙනවා යන්නයි.
නමුත් ඒක එහෙම නෙවෙයි.9H Scratch Proof යනුවෙන් අදහස් කරන්නේ 9H පැන්සල් තුඩකින් වෙන Scratch එකකින් මේ Screen Protector එක ආරක්ශා වෙන බවයි.
9H පැන්සලක්, Moh Scale පහලම පරාසයක් වෙන 2 වැනි පරාසයක ඇත.
Tempered Glass එකක් විශේෂිත ආකාරයකට නිශ්පාදනය කරන නිසා සාමාන්යයෙන් Moh Scale එකෙහි 6.5 ආසන්න අගයක දෘඪතාවක් ගනී.
ඒ නිසා දෘඪතාවය අඩු 9H පැන්සලකින් වෙන සීරිමකට,දෘඪතාවය වැඩි Tempered Glass එකකට ඔරොත්තු දිය හැකිබව විශේෂයෙන් සදහන් කල කාරණාවක් නොවන්නේය..
ඔව්,ඇත්ත වශයෙන්ම, පැන්සලක් සමඟ Tempered Glass එකක් සංසන්දනය කිරීම තේරුමක් නැත.
මෙය ඇත්තටම Screen Protectors Manufacturing කරන සමාගම් ඔවුන්ගේ තරගකාරි ප්රවර්ධන කටයුතු වලට භ්විතා කරන්නකි.
කෙසේ වෙතත්, දැනට පවතින Device වල Screen Replacement Cost එක සහ Screen Protector මිල ගනන් සැසඳීමේදි Screen Protector එකක් Device Value එකෙන් 1-3% වැනි ඉතාම සුලු අගයක් ගනී.
මේ නිසා,භ්හිර දේවල් වලින් සිදුවන සීරීම්, පලුදුවීම් වැනි හානි Screen Protector එක මත සිදුවන නිසා මෙමගින් Device Screen එක ආරක්ෂා වීමෙන් ලැබෙන ආර්ථික වාසිය සුලුපටු නොවේ.