Privacy Screen Protectors ක්රියා කරන ආකාරය සරලව තේරුම් ගමු.
තාක්ෂණයේ සීග්ර වර්ධනයත් සමග අප බොහෝ දෙනා තමන්ගේ බැංකු කටයුතු හා තවත් බොහෝ සංවේදී රහස්ය තොරතුරු වලට පිවිසීමට තම ජංගම දුරකථනය භ්විතා කරීම ඉතාම සුලභ කාරණාවකි.
නමුත්, මෙම තොරතුරු තෙවන පාර්ශ්වයකගේ නෙත ගැටීම සමහරවිට ඔබව අතිශයින්ම ගැටලුකාරි තත්වයකට ඔබව පත් කිරීමට සමත් විය හැකිය..
උදා:- Password, Photos, Bank details
Privacy Screen Protector එකක් මගින් ඔබගේ Screen Content එක, ඔබ හැර අන් සියල්ලන්ට දෘශ්ය වීම වළක්වයි. මෙයින් අදහස් කරන්නේ Privacy Screen Protectors එකක් භ්විතය මගින් තෙවන පාර්ශ්වයන්ගේ කුතුහලයෙන් යුත් ඇස් ගැන කරදර නොවී ඔබ යන සෑම තැනකම ඔබේ Mobile Phone එක හෝ Tablet එකක් මගින් වැඩි විශ්වාසයකින් ඔබගෙ තොරතුරු වලට පිවිසීමට හැකි බවයි.
***මෙමගින් 100% ක ආරක්ෂාවක් නොලැබෙන බව මතක තබා ගත යුතුය***
Privacy Screen Protectors ක්රියා කරන්නේ කොහොමද ?
Privacy Screen Protectors වල විශේෂයෙන්ම අන්තර්ගත කරන ලද Filter එකක් ඇත (Privacy Filter) .එමඟින් ආලෝකය නිශ්චිත කෝණවලින් (ආසන්න වශයෙන් අංශක 30-35 ) පමණක් ගමන් කිරීමට ඉඩ සලසයි.
තවදුරටත් අවබෝධ කරගැනීමේ පහසුව සදහා Window Blind උදාහරණයට ගන්නම්.
Window Blind Open කරපු අවස්ථාවක, Window එකෙ ඉදිරිපස සිට එළිය දෙස බැලූ විට, ඔබට එලියේ ඇති සෑම දෙයක්ම පහසුවෙන් නැරඹීය හැකි උනත්, ඔබ window එකට තිරස් ආනතියකින් (පැත්තෙන්) බැලූ විට ඔබට එළියේ ඇති දේවල් දැකගැනීමට ගැනීමට නොහැකි වනු ඇත.
මේ අකාරයට Privacy Screen Protectors හාවිතය තුලින් ,ඔබට ඔබගේ Screen Content එක ඉතාමත් පැහිදිලිව දිස්වේ.
නමුත්,ඔබ අසල සිටින පුද්ගලයින්, ඔබට වඩා වැඩි ආනතියකින් ඔබේ Screen Content එක දෙස බලන නිසා ඔවුන්ට ඔබගේ Screen Content දැකීමට නොහැකි වේ.
ඔවුන්ට පෙනෙන්නේ අඳුරු වූ (Black Screen) තිරයක් පමණි.එනම් Privacy Filter එක මගින් ඔබ අසල සිටින පුද්ගලයින් වෙත ආලෝකය ගමන් කිරිම සීමා කර ඇත.
තවද, Privacy Screen Protectors 2-way Privacy සහ 4-way Privacy යන ආකාර වලින්ද නිශ්පාදනය කරයි.
-2-Way Privacy
දෙපැතෙන් බලන විට Screen Content එක දිස් නොවන පරිදි නිශ්පාදනය කර ඇත.
-4-Way Privacy
උඩින්, යටින් සහ දෙපැත්තෙන් Screen Content එක දිස් නොවන පරිදි නිශ්පාදනය කර ඇත.
ඔබ පොදු ප්රවාහනය භ්විතා කරන්නෙක් නම් ,වැඩිපුර මිනිසුන් ගැවසෙන ස්ථාන ගැවසෙන්නෙක් නම් හෝ ඔබගේ පුද්ගලිකත්වය ගැන වැඩිපුර අවධානය යොමුකරන්නෙක් නම් ඔබට Privacy Screen Protector හාවිතය අතිශය ප්රයෝජනවත් වනු ඇත
15% Discount on JC.COMM Privacy Tempered Glass
https://techeaven.lk/products/jc-comm-full-coverage-tempered-glass-iphone