Do You Really Need a Screen Protector?

Do You Really Need a Screen Protector?

ඇත්තටම දැන් එන phone වලට Screen Protector ඕනද?
ඔබ Google එකෙ Screen Protector search කලොත් ඔබට විවිධ Brand වලින් , විවිධ මිල ගනන් වලින් ගොඩාක් Screen Protector තියෙනව බලාගන්න පුලුවන් වෙයි.
මොන ජාතියෙ උනත් අපි මේවට කියන්න පුරුදු වෙලා ඉන්නේ Tempered Glass එකක් කියල.
නමුත් , අපි කියන මේ Tempered Glass එහෙම නැත්තන් Screen Protectors ප්රධාන වර්ග කිහිපයකට වර්ග කළ හැකියි.
1. PET Based Screen Protector
2. TPU Based Screen Protector
3. Tempered Glass Screen Protector
ඉස්සරහට බලමු මේ මොනවද කියල
කොහොම උනත්, ඔයාගෙ device එකේ screen එක සීරීමකට ලක් උනොත් අනිවාර්යෙන්ම ඔයා පොඩි හෝ කලකිරීමට පත්වෙනවා වගේම එය දුරකථනයේ වටිනාකමට ද බලපානවා.
ඒ නිසා හරි Screen Protector එකක් ගන්න එක වියදමක් නෙවෙයි ආයෝජනයක්.
පවතින තරගකාරීත්වය නිසා, දැනට තියෙන Phone වල Screen එක මීට කලින් generation එකට වඩා ඉහල ගුණාත්මක හාවයකින් නිපදවීමට දැනට පවතින දුරකථන සමාගම් ඔවුන්ගේ මුදල් Research & Development වලට විශාල වශයෙන් ආයෝජනය කරනවා.
මොන තරම් Research & Development කරල Screen හදල ආවත් අප බොහෝදෙනා අත්දැකීමෙන් දන්නවා,අපෙ අතින් Phone එක Drop උනොත් මොකද වෙන්නේ කියල. අපේ අතින් Drop වෙනවත් එක්කම Phone එකේ Second hand Value එකත් 30-40% උනත් Drop වෙන්න පුලුවන්.
නිශ්පාදන සමාගම් ඔවුන්ගේ Product එක Promote කරගන්න විවිධ ආකාරයේ කතා කිව්වත්,ඒවා තවමත් 100% කම ආරක්ශවක් ලබා දෙන වගකීමක් පාරිභෝගිකයන්ට ලැබෙන්නේ නෑ .
විශේෂයෙන්ම ඉහල දෘඩත්වයකින් යුතු වැලි වැනි දේවල් වලින් හානි වීමට වැඩි හැකියාවක් ඇත.
ඉතින්, ඔබගේ Phone Screen එක තවමත් සීරීමට ලක්වෙන්න අවස්ථාවක් තියෙනවා. Screen Protector එකක අවශ්යතාවය ඇතිවෙන්නේ මෙන්න මෙතනදි තමයි .
මුලින්ම බලමු මොනවද කියල මේ තියෙන Screen Protector Types සහ ඒවායේ තියෙන වෙනස්කම් මොනවද කියල සරලව.
1. PET Based Screen Protector
PET යනු සාමාන්යයෙන් වතුර බෝතල් සහ ආහාර බහාලුම් වැනි දේවල ඇති ප්ලාස්ටික් වර්ගයකි. PET Screen Protector එකක් ඉතා ලාභදායී, සැහැල්ලු සහ සිහින් වේ.සාපෙක්ශව ආරක්ශාව අඩුයි.
2. TPU Based Screen Protector
මෙය නම්යශීලී ප්ලාස්ටික් එකක්.මේක install කරගන්න එක ටිකක් විතර අමාරු දෙයක්.ඉතා සිනිඳු බවක් දැනෙන්නේ ද නැත.නමුත්, PET වලට වඩා හොඳ ආරක්ෂාවක් තියෙනවා.
3. Tempered Glass Screen Protector
Tempered glass යනු විශේෂ නිෂ්පාදන ක්රියාවලියක් තුලින් පදම් කරන ලද වීදුරු වර්ගයකි. මෙහිදි වීදුරුව ඉහළ උෂ්ණත්වයකට රත් කර ඉක්මනින් සිසිල් කරනු ලැබේ. මෙම ක්රියාවලිය වීදුරුව තුළ අභ්යන්තර ආතතීන් ඇති කරන නිසා , එහි ප්රතිඵලයක් ලෙස සාමාන්ය වීදුරුවලට වඩා ශක්තිමත් සහ කල් පවතින වීදුරු බවට පත් වේ.මෙමගින් සාමාන්ය වීදුරුවකට වඩා 5 ගුණයක වගේ ශක්තියකුත් මේ වීදුරු වලට ලබා ගන්න පුලුවන් වෙලා තියෙනවා වගේම වඩා ඉහලම ආරක්ෂාවකුත් ලබා දෙනවා.
Tempered Glass Screen Protector එකකින් තමයි ඔයගෙ Device එකට ඉහලම ආරක්ශාවක් ලැබෙන්නේ.
මේ නිසා Screen Protector එකක් තොරගන්නකොට, අඩුවට ලාබෙට තියෙන එකකට වඩා ,හොද Brand එකක Protector එකක් යම් පිරිවැයක් දරල ගන්න එක ඔයාට කිසිසෙත්ම පාඩුවක් වෙන්නේ නැ.
Screen Protectors 
Back to blog

Leave a comment

Please note, comments need to be approved before they are published.